Tuesday, December 27, 2011

ලිපි අංක 04 - කාලය


දිනකට ගතික 60ක් (වහරන පැය 60 ක්) තිබීම.

සිවිල් දිනකට ඇත්තේ පැය 24කි. එය තුල මිනිත්තු හා තත්පර ලෙස බෙදීම තිබෙනු දක්නට හැකිය.


මෙහි පදනම කුමක්දැයි ඔබ කවදා හෝ ඔබගෙන් හෝ අන් අයගෙන් ප්‍රශ්නකර තිබේද? පිළිතුර කුමක්ද?  එසේනම් පිළිගන්නේ ඇයි? 

දිනකට ගතික 60ක් තිබීමට හේතුව කුමක්ද?  


පැරණි ශාස්ත්‍ර හරහා විමසා බැලීමේ දි මෙය ස්වාභාවික සිදුවීමක්/සිද්ධාන්තයක් මතගොඩ නැගී ඇතිබව වැටහෙයි.

ඹබ වඩදිය බාදිය ඇතිවිටක වෙරලට යන්න වඩදිය නැග්මක් අතර පරතරය හෝ බාදිය බැස්මක් අතර පරතරය දිවා කාලයේ දී නම් ඉර උදාව හා ඉර බැසීම අතර කාලයෙන් කොටසකට සමපාත වන අතර රාත්‍රි කාලයේදී හිරු බැසීම සිට පසුදින හිරු උදාව අතර කාලය තුල කොටසක් බව ද වැටහී යනු ඇත. මෙලෙස ස්වභාව ධර්මයේ ක්‍රියාවකට සමගාමීව අර්ථයක් සහිතව 'ගතික' ප්‍රමාණය දක්වා ඇත.
මෙලෙස ගත්කල දිනකට ගතික 60කි. දිවා හා රාත්‍රි ගතිකයක් සමාන හෝ අසමාන කාල පරාසරයන් ගත හැක.

මෙම ගතිකය විකාර රූපී කාලයට නියම ප්‍රමාණයක් නොදුන් නිසා අතහැර දැමිය යුතුද? කාලය මැනී‍මේ දී විකාරරූපී ප්‍රමාණයන්ගෙන් යුක්තවුව ද එහි ගුණාත‍්මකභාවයක් තිබේද? ගුණාත්මක නම් අපට ගතහැකි ප්‍රයෝඡන කවරේද?
අතීතයේ දී කාලය තුල ගුණාත්මක බව සැලකීමේ දි සමාන ප්‍රමාණවලින් කාලය මැනීම අතහැර ඇත්තේ ඇයි?


පුදුම වැඩක් අපි කාලය සමාන ප්‍රමාණ වලින් යුක්තයි නොසලකා කාලයේ ගුණාත්මකභාවයක් ගැන කතා කරන්න හදනවා? ඔබත් සාකච්චාවට එක් වෙනවද? ඒත් තනියෙන් ද? තව දන්නා කියන අයටත් කිව්වොත් මොකද, හොදයි නේද? 

ලිපි අංක 03 - කාලය මැනීම

නුතන සම්මතයක් ලෙස  රලෝසු කාලය භාවිතා කරයි.  ඉන්පසු සිවිල් දිනය, සතිය, මාසය, වර්ෂය ආදි ලෙස භාවිත වේ.

ශ්‍රාස්ත්‍රයන් හී කාලය දැනට වඩා හොදින් භාවිත කර ඇත.

එහිදී කාලය මැනීම හිරු මූලිකව සිදුකර ඇත. සුර්යයා පොලවේ  සිට බලන විට 360 ගමන් කලාසේ පෙනෙනවිට වර්ෂය ලෙසද, හිරු සමකයේ සිට උතුරට හා දකුණට ගියාසේ පෙනෙනවිට උත්තරායනය හා දක්ෂිනායන ලෙස අයන 2ක්ද, උත්තරායනය තුල සෘතු 3ක් හා දක්ෂිනායන තුල සෘතු 3ක් ද, සෑම සෘතුවකට සුර්යය මාස 2ක්ද, සුර්යය මාසයක් තුල දිනද,
දිනය තුල හෝරාද ලෙස සුර්යයා මුලිකව කාලය ගනනය කිරීම් සිදුකර ඇත. දැනුද මෙම හෝරා රවි හෝරාව, ශුක්‍ර හෝරාව ලෙස භාවිතා කරයි. එම හෝරාවද බෙදා දක්වා ඇත. 



එමෙන්ම චන්ද්‍රයා මූලිකව චන්ද්‍ර වර්ෂයක්ද, චන්ද්‍ර වර්ෂය තුල චන්ද්‍ර මාසයක්ද, චන්ද්‍ර මාසයක් තුල පක්ෂ 2ක්ද පක්ෂයක් තුල තිථි 15ක්ද ලෙස වේ. 
මෙම සුර්යය දිනය තුල චන්ද්‍රයා මුලිකව ගතික 60ක්ද එම එක් ගතිකයක් තුල විනාඩි 60ක්ද විනාඩියක් තුල තත්පර 60ක්ද ආදී ලෙස කාලයේ ගනනය කිරීම් සිදුකර තිබෙනු දැකගත හැකිය.
මෙයට අමතරව විවිධාකාර  බෙදීම්ද දැකගත හැක. පැරන්නන් යමක් බෙදුවේ යම් අරුතකිනි. එය භාවිතය පිණිසමය. නමුත් වර්තමානයේ  මේ බෙදීම් භාවිතය පිළිබද දැනුම අභාවයට ගොස් ඇත.

ලිපි අංක 02 - අවකාශය

අවකාශය


අවකාශය යන වචනය භාවිතය නුතනයේ යම් ව්‍යාකූලත්වයක් මතු කරයි. අවකාශය පෙන්වන ලෙස පැවසුහොත් බොහෝ දෙනා දෙන පිළිතුර නම් පෙන්විය නොහැකි බවත් සෑම දෙයක් තුලම අවකාශය ඇතිබවත් ය. ථෙරවාදී බෞද්ධ  ඉගැන්වීම්වල චතුර්භූත තත්ත්ව ඇතිබව සදහන් වුව ද, විග්‍රහ කරනවිට පංචභුත (ආකාශ,වායෝ,අග්නි,ඡල,පඨවි) යම් යම් තැනෙක භාවිත කරයි. මහායාන බෞද්ධ ඉගැන්වීම්වල පංචභූත තත්වයම දක්නට ඇත. වේදාංග,ෂඩ් දර්ශන ආදියේ ද පංචභූත තත්වයම විග්‍රහ කරයි. ඉහත පංචභූතයන් හි අවකාශ නුතනයේ අප අවකාශයැයි කියනදෙය එකම ද? එකවගේ පෙනුනාට 2ක් ද? එකිනෙක අතිපිහිත ද? එහි වැදගත්කමක් තිබේ ද යන්න සලකා බැලීම සිදුකල යුතුය.

වචන අතර පවා අවකාශ  (මම අවකාශ ගැන කතා කරමි.) (මමඅවකාශගැනකතාකරමි.) නැතිනම් අපට එකවිට කියවාගත නොහැකිය. පැරණි පුස්කොල පොත් ලියනකල අවකාශයන්  නොමැතිව ලියා ඇත.

කතා කරන විට පවා අවකාශ/නැවතුම් නැතිව කතා කලහොත් අප කතාකරන දෙය අන් අයට නොවැටහේ. ඔබට මෙම අවකාශවල වැදගත්කම දැන් අවබෝධව ඇතැයි සිතමි.

ආයුර්වේදය, ඡ්‍යෝතිෂය තුලද ආකාශ,වායු,අග්නි,ඡලය හා පඨවි යන පංචභුතයන් විග්‍රහ කොට ඇත. එහිදී පංච මහා භූතයන් 'තත්ත්ව' ලෙස දක්වා ඇත.

එම තත්ත්ව ගැන කථාකරනවිට අපහට ෂඩ් දර්ශණ ගැන හැදෑරිම කල යුතුවේ. එහිදී කපිලගේ සාංඛය දර්ශණය මහත් පිටුවහලක් වන්නේය.

කෙසේ වුවද යමෙකුට තේරෙන විදිහට ආකාශ තත්ත්වය විග්‍රහ කරන්නට බලමු.

මෙය කියවන
ඔබ ඔබගේ උපතේදී ශරීරයේ ප්‍රමාණය ගැන සළක්න, දැන් ඔබගේ ශරීර ප්‍රමාණය ගැන සළකන්න. එහිදී ඔබගේ ශරීරය වර්ධනය වී හෝ විශාල වී ඇත්තේ ආකාශ හෝ අවකාශය තුලටය.(You have expanded to the space.)

සාංඛය දර්ශණය තුල අවකාශය අපට දැනෙන ආකාරය ද අප ග්‍රහනය කරන ආකාරය ආදිය ද දක්වා ඇත.

මෙලෙස දැක්වු කල ආකාශ තත්
ත්වය (අවකාශය) හා බොහෝ දෙනා දන්නා අවකාශ අතර පරස්පරතාවයන් ඇතිබව  හැගීයනු ඇත. ඒ ඇයි? කවරක් නිවැරදි ද? දෙකම හරිද?  ප්‍රයෝඡන කවරේද?

අවකාශයම අපට ඡීවිතයේ අවස්ථා උදාකරයි ද? අවස්ථා බිහි කරගැනීමට
අවකාශය අපට අවශ්‍ය ලෙස හසුරවාගත හැකි ද?

Sunday, December 25, 2011

ලිපි අංක 01 - කාලය හා අවකාශය

ත්‍රිමාණයක එනම් - දිගක්, පළලක්, උසක් හෝ ගැඹුරක් සහිත ත්‍රිමාණයක අප ඡිවත්වන්නේයැයි අපට වැටහේ. එය නිවැරදැයි බැලීම පසුවට තබමු.
මෙම ත්‍රිමාණයට කාලය එකතු වු විට එය චතුර්මානයක් වන්නේය.

මෙම ත්‍රිමාණය හා කාලය පිළිබදව නිරන්තර අවබෝධයකින් තොරව අප ඡීවත්වේ.


කාලය 
මුලින්ම කාලය ගැන අවබෝධ කර ගන්නට උත්සාහ කරමු. ‍මෙහිදී අතීතයේ අපට ආ‍වේනික වු පැරණි ශාස්ත්‍ර හරහා මගේ දැනුමේ තරමට පැහැදිලි කරන්නට අදහස් කරන්නෙමි.

නුතන නිර්වචනයන්ට අනුව කාලයට බොහෝ අරුත් ඇත.

කාපිළිබද  පැරණි මත, අරුත් හා භාවිතන්
හොද කාලය, නරක කාලය යමෙකුට යහපතක් වනවිට එය හොද කාලයයි කියයි. තමා වටා ලෝකය තමන්ට රිසිසේ ක්‍රියා නොකරනවිට අයහපත් හෝ නරක කාලයක්යැයි කියයි. එය කාලය පිළිබද එක් අදහසකි.