මම සිංහල ජ්‍යෝතිශයක් සෙවුවෙමි. තවම හමුවුයේ නැත. චුල හා මහා යැයි අන් අය කිව්වද පැටලීමක් මිස දෙකක් නැත. සිංහල භාෂාව වචනෙන් පෝෂිතය දෙකට දෙවාරන්නෙන් කියා, කීයේ ඕකම තමා කියාගන්නා පමණින් ශාස්ත්‍රය දියුණු නොවේ.
අලුතින් සොයා සොයා යන්නට මත්තෙන් අතීතය සොයා ගියෙමි. ශාස්ත්‍රය හමුවිය. පමණට අවබෝධ කර ගත්තෙමි. ජ්‍යෝතිෂය ඕම්, උමා, අමු ලෙස 3 ආකාරයකට භාවිතාකර ඇත.එය හෙලවත් සිංහලවත් නොවේ. එසේනම් කවරක්ද?
එය නිවැරදිව බෙදා ගන්නට ගන්න උත්සාහයක් පමණක් මම කරන්නට අදහස් කලෙමි. ඒ හරහා අවම වශයෙන් රාශි 12 ක් ඇයි? ග්‍රහයාට ග්‍රහයා කියන්නේ ඇයි? විම්ශෝස්තරි දශාවට අවුරුදු 120 ඇයි? වත් දන්නා පිරිසක් බිහිකිරීමට තරම්වත් අවම වශයෙන් මා කැපවෙමි.
පුවත්පත් වලටද ලීවෙමි. කතෘ මණ්ඩල ලිපි සංස්කරණය කරන විට ලිපියට හානි සිදුකරන අවස්ථා ද, විවේචනයන් ශාස්ත්‍රීයව සිදු කරනවිට පලනොකරන අවස්ථාද, ජ්‍යෝතිෂය පුවත්පත් කතෘ මණ්ඩල තම මිතුරන් බේරා ගැනීමට ලිපි නොලද බව ප්‍රකාශ කරන අවස්ථාද මා හට අත්විදින්නට සිදුවිය.
එලෙසම විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට හානි කරන blog අඩවි දැක මෙලෙස දන්නා යමක් කියාදීමට සිත්විය.
කුමා වෙල්ලාලගේ
25.12.2011