Tuesday, April 17, 2012

ලිපි අංක 06 - කාලයේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක බව

කාලයේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක බව

අපටත් දැන් අධිවේගී මාර්ග ඇත. දැනට 100km  වේගයෙන් ගියහොත් 100km  යාමට ගතවනුයේ සිවිල් පැයක කාලයකි.

එසේනම් යම් දිනක උදේ 10.00 අධිවේගීමාර්ගයට අවතීර්ණය වන රථයක් වේගය පැයට 100km පවත්වා ගතහොත් 100km ක් යාමට පැයක් ගතවේ. මෙය කාලය පිළිබඳ ප්‍රමාණාත්මක විග්‍රහයයි.

2012-04-16 දින උදේ 10.01 අධිවේගීමාර්ගයට රථයක්  ඇතුල්වුවහොත් රථයට කුමක් සිදුවේද? පැයකට කලින් 100km යයිද පැයකට වඩා ගතවේද? රථය අතරමග ආපදාවකට ලක්වේද? රථයේ ගමන්ගන්නා අයට කවරක් සිදුවේද? මෙම රථය නිසා එම මාර්ගයේ ගමන් කරන වාහන, පුද්ගලයින්ට කවරක්වේද?

මට හැගීයන ආකාරයට ඉහත රථයට කුමක් සිදුවන්නේදැයි පැහැදිලි කලහැකි ශාස්ත්‍රයන් කාලයේ ගුණාත්මකභාවය මැනීම සඳහා භාවිතා කලහැකිවනු ඇත. ඹබ එයට එකඟද? ඒ ඇයි? නැතිනම් ඹබ වෙනත් ක්‍රමයක් දන්නේද?

යමක් ආරම්භ වන අවස්ථාව සළකා ඉදිරියට කුමක් සිදුවන්නේදැයි පැවසිය හැකිනම්, සළකන අවස්ථාවේ කාලයෙහි ගුණාත්මකභාවය මැනීමට ලෝකයේ විවිධ උපක්‍රම භාවිත කරයි.

යුදෙව්වන්ගෙ කබාලා (කබ්බල, කබ්බලා) Kabbala, යුරෝපයේ Tarrot cards ඊඡිප්තුවේ පැරණි ගුප්ත ශාස්ත්‍රීය ක්‍රම, චීන, ඡපන්, පර්සියාවේ, යුරෝපයේ, ආදී සෑම රටකම පාහේ විවිධ ගුප්ත ක්‍රම හා ශාස්ත්‍ර ලෙස අන් කෙනෙකුට ඉගැන්විය හැකි, ඉගෙනගෙන භාවිතාකල ක්‍රමවේ ද පාවිච්චි කර ඇති අතර යම් යම්දේ දැනුදු භාවිතා කරයි.

අපේ රටට අනුව ලංකාවේ දී නිමිති, අදුනක් බැලීම, ආරූඪයෙන් ශාස්ත්‍ර කීම, දෙවියන් කිව්වා, ආදී දෑ බටහිරට අනුව දේව වාක්‍ය, ආදී ඕනෑම දෙයක්, මෙම අනාගතය හෝ යමක් ආරම්භයට ප්‍රථම කවරක් සිදුවේ ද යන්න සලකා බැලිය හැකි ක්‍රමයන්ය. ගිරවකු තෝරා දෙන කාඩ් පතකින් ශාස්ත්‍ර කියන්නන් මා කුඩාකල ඇස් වාට්ටු වටරවුම අසල තැපැල් කන්තෝරුව ඉදිරිපිට දී දැක ඇත්තෙමි. 2010 දී 'ආර්ක් ඒන්ජල්ස්' Arc Angels  පුහුණුව ලත් අයෙකු හරහා විවිදාකාර වූ අත්දැකීමක්ද ලැබූ අතර එහි දී විවිධ වර්ගවල Tarrot Cards, Astral/Soul Garden Travel අත්දැකීමක් ද ලැබූ අතර ඒ ගැන නිගමනයකට ඒම පසුවට කල් තැබුවෙමි.
 
පසුවට මේ ගැන විස්තර බලාපොරොත්තුවන්න.

අක්ෂර හා අංක

යුදෙව් කබාල ක්‍රමය, අප රටේ භාවිතා වන ඉන්ද්‍ර ගුරුළුව ආදී අක්ෂර හා අංක භාවිතා කර අනාගතය පිළිබඳ ප්‍රකාශයන් සිදුකල හැකි ක්‍රමද විවිධ රටවල් වලදී දැක ගතහැකිය.

එමෙන්ම ග්‍රහයන් භාවිතාකර යම් යම් දෑ ප්‍රකාශ කල හැකිය. ස්වහාවික සංජානනය භාවිතකර  විවිධ ස්වභාවික ක්‍රියා ගැන පූර්ව ප්‍රකාශ කල හැක. වැස්ස ආදී නොයෙක් දෑ.

ජ්‍යෝතිෂ්‍ය

මේ සියල්ල ගත්කල ඒවා අතරින් වඩාත්ම ෂෝෂණිය දැනුමක් මෙන්ම වඩාත්ම ව්‍යාකූලවු ලෙස දැනුම භාවිතා කරනුයේ ජ්‍යෝතිෂ්‍ය තුලමය. විස්තරාත්මක පැහැදිලි කිරීම් හා ගැට ලෙස ඉදිරිපත් කල දැනුම් සම්භාරයක් මේ තුල ඇති බව හොඳින් බලනවිට අවබෝධ වන්නේය.  කෙසේ වුවද මෙය ශාස්ත්‍රයක් ලෙස ප්‍රගුණ කල හැකිය.

ජ්‍යෝතිෂ්‍ය තුල කාලයේ  ගුණාත්මකභාවය මැනීමට බාවිත කරනුයේ කවර මිනුම් ද?

ජ්‍යෝතිෂ්‍ය විද්‍යාත්මකද? පිළිගත හැකිද? අපට ප්‍රයෝඡනයක් තිබේද? පදනමක් නැති වුවද මානසික සහනයට රුකුලක් දෙන ශාස්ත්‍රයක්ද? අසම්පුර්ණ ශාස්ත්‍රයක්ද?

Wednesday, January 4, 2012

ලිපි අංක 05 - දිනය

දිනය 

අප එහි පදනම කවරක්දැයි බලමු.

මෙය සූර්යයා උදාවීම මුල්කරගෙන ඇත.

අප දන්නා පරිදි අපට පෙනෙන සූර්යයා, ​සිකුරු, බුධ, සදූ, සෙනසුරු, ගුරු, කුඡ යන සියල්ලෝම ග්‍රහයන් ලෙස එකට ගෙන සළකා, එම එක් එක් ග්‍රහ වස්තුන් පෘඵිවියට සාපේක්ෂව රාශි වලය වටා වටයක් යාමට ගතවන කාලයට අනුව පෙලගස්සන්න

ශනි

ගුරු

කුඡ

රවි

සිකුරු

බුද

සදු


මෙය චක්‍රකාරව සකස්කරමු.
ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ,සදු,ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ,සදු,
ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ,සදු,ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ,සදු,
ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ,සදු,ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ,සදු,
ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ,සදු,ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ,සදු,
ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ,සදු,     ........................................

හාවිතයේ දැනුදු පවතින හෝරා ගමන්කිරීම ඉහත පරිදි වන්නේය. එන ශනි හෝරාවට පසු ගුරු ඉන් පසු පිළිවෙලට කුඡ,රවි,සිකුරු,බුධ,සදු හා නැවත ශනි සිට ඉදිරියට ලෙසටය.

කෙසේ වුවද රවි සිට පෙළ ගස්සා ඇතිබව ‍ ‍බොහෝ තැන්වල දක්නට ඇත. හේතුව පසුව ඉගෙන ගනිමු. මෙම හෝරාවන් දිනකට 24කි. හිරු උදාවත් සමගම එමදිනට අයත් හොරා‍වෙන් දිනය පටන් ගනී.




උදා රවි දින රවි හෝරා‍වේ සිට ඉදිරියට ගලායයි
රවි,සිකුරු,බුධ,සදු,ශනි,ගුරු, කුඡ
රවි,සිකුරු,බුධ,සදු,ශනි,ගුරු, කුඡ
රවි,සිකුරු,බුධ,සදු,ශනි,ගුරු, කුඡ
රවි,සිකුරු,බුධ, සදු


මෙහිදී රවි දින ‍‍හෝරා 24ගෙවුනු පසු සුර්ය උදාවත් සමග සදුගේ හෝරාවෙන් සදුදින ඇරඹේ.
එළෙස  හෝරා 24ගෙවුනු පසු සුර්ය උදාවත් සමග කුඡ හෝරාවෙන් කුඡ දින ඇරඹේ.
සදු,ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ
සදු,ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ
සදු,ශනි,ගුරු,කුඡ,රවි,සිකුරු,බුධ 
සදු,ශනි,ගුරු,කුඡ

මෙලෙස ඉදිරියට බුධ, ගුරු,සිකුරු,ශනි, ආදී දිනයන් උදාවේ.

මේ අනුව දිනය සලකන කල ග්‍රහයන්ට අනුව නොව, ආරම්භවන හෝරාව අනුව දිනය නම් කර ඇතිබව පෙනීයයි.
මෙම රටාවට අනුව බෙදීමේ දී හෝරාව යන්න වැදගත්කමක් තිබෙන්නක්ද? වර්තමානයේ ප්‍රයෝඡනයට ගතහැකි දෙයක්ද? තේරුමක් නැති බෙදීමක්ද? නැතිනම් කාලයේ ගුණාත්මකභාවය පෙන්වන බෙදීමක්ද? එසේනම් කවර ලෙසකට ප්‍රයෝඡන ගනිමුද?
පෘඵිවියට සාපේක්ෂව සූර්යයා වටා වටයක් යාමට ගතවන කාලයට අනුව ජ්‍යෝතිෂය  කාලය සාපේක්ෂව මැනීම පිලිබද ඔබේ අදහස කුමක්ද?


මීලගට ලිපි අංක 06 - කාලයේ ගුණාත්මකභාවය හා ප්‍රමාණාත්මක භාවය සලකා බලමු