Tuesday, December 27, 2011

ලිපි අංක 04 - කාලය


දිනකට ගතික 60ක් (වහරන පැය 60 ක්) තිබීම.

සිවිල් දිනකට ඇත්තේ පැය 24කි. එය තුල මිනිත්තු හා තත්පර ලෙස බෙදීම තිබෙනු දක්නට හැකිය.


මෙහි පදනම කුමක්දැයි ඔබ කවදා හෝ ඔබගෙන් හෝ අන් අයගෙන් ප්‍රශ්නකර තිබේද? පිළිතුර කුමක්ද?  එසේනම් පිළිගන්නේ ඇයි? 

දිනකට ගතික 60ක් තිබීමට හේතුව කුමක්ද?  


පැරණි ශාස්ත්‍ර හරහා විමසා බැලීමේ දි මෙය ස්වාභාවික සිදුවීමක්/සිද්ධාන්තයක් මතගොඩ නැගී ඇතිබව වැටහෙයි.

ඹබ වඩදිය බාදිය ඇතිවිටක වෙරලට යන්න වඩදිය නැග්මක් අතර පරතරය හෝ බාදිය බැස්මක් අතර පරතරය දිවා කාලයේ දී නම් ඉර උදාව හා ඉර බැසීම අතර කාලයෙන් කොටසකට සමපාත වන අතර රාත්‍රි කාලයේදී හිරු බැසීම සිට පසුදින හිරු උදාව අතර කාලය තුල කොටසක් බව ද වැටහී යනු ඇත. මෙලෙස ස්වභාව ධර්මයේ ක්‍රියාවකට සමගාමීව අර්ථයක් සහිතව 'ගතික' ප්‍රමාණය දක්වා ඇත.
මෙලෙස ගත්කල දිනකට ගතික 60කි. දිවා හා රාත්‍රි ගතිකයක් සමාන හෝ අසමාන කාල පරාසරයන් ගත හැක.

මෙම ගතිකය විකාර රූපී කාලයට නියම ප්‍රමාණයක් නොදුන් නිසා අතහැර දැමිය යුතුද? කාලය මැනී‍මේ දී විකාරරූපී ප්‍රමාණයන්ගෙන් යුක්තවුව ද එහි ගුණාත‍්මකභාවයක් තිබේද? ගුණාත්මක නම් අපට ගතහැකි ප්‍රයෝඡන කවරේද?
අතීතයේ දී කාලය තුල ගුණාත්මක බව සැලකීමේ දි සමාන ප්‍රමාණවලින් කාලය මැනීම අතහැර ඇත්තේ ඇයි?


පුදුම වැඩක් අපි කාලය සමාන ප්‍රමාණ වලින් යුක්තයි නොසලකා කාලයේ ගුණාත්මකභාවයක් ගැන කතා කරන්න හදනවා? ඔබත් සාකච්චාවට එක් වෙනවද? ඒත් තනියෙන් ද? තව දන්නා කියන අයටත් කිව්වොත් මොකද, හොදයි නේද? 

1 comment:

  1. මම පෞද්ගලිකව කැමතියි මේ කාල විධි ක්‍රම ප්‍රායෝගිකව භාවිතා කරන්න. මොකද ඒකෙන් අවුරුද්ද පුරාම මිනිසුන්ට බොහොම අපූරු විවිධත්වයක් ලැබෙනවා වගේම ඒ ක්‍රමයට මිනිසුන්ගේ කාලය පිළිබඳ ඇති අවධානය දියුණු වෙනවා වගේම කාලය නිතරම ප්‍රයෝජනවත් විධියට භාවිතා කරන්න මතක්වීමක් සිද්ධ වෙනවා

    ReplyDelete