Tuesday, December 27, 2011

ලිපි අංක 02 - අවකාශය

අවකාශය


අවකාශය යන වචනය භාවිතය නුතනයේ යම් ව්‍යාකූලත්වයක් මතු කරයි. අවකාශය පෙන්වන ලෙස පැවසුහොත් බොහෝ දෙනා දෙන පිළිතුර නම් පෙන්විය නොහැකි බවත් සෑම දෙයක් තුලම අවකාශය ඇතිබවත් ය. ථෙරවාදී බෞද්ධ  ඉගැන්වීම්වල චතුර්භූත තත්ත්ව ඇතිබව සදහන් වුව ද, විග්‍රහ කරනවිට පංචභුත (ආකාශ,වායෝ,අග්නි,ඡල,පඨවි) යම් යම් තැනෙක භාවිත කරයි. මහායාන බෞද්ධ ඉගැන්වීම්වල පංචභූත තත්වයම දක්නට ඇත. වේදාංග,ෂඩ් දර්ශන ආදියේ ද පංචභූත තත්වයම විග්‍රහ කරයි. ඉහත පංචභූතයන් හි අවකාශ නුතනයේ අප අවකාශයැයි කියනදෙය එකම ද? එකවගේ පෙනුනාට 2ක් ද? එකිනෙක අතිපිහිත ද? එහි වැදගත්කමක් තිබේ ද යන්න සලකා බැලීම සිදුකල යුතුය.

වචන අතර පවා අවකාශ  (මම අවකාශ ගැන කතා කරමි.) (මමඅවකාශගැනකතාකරමි.) නැතිනම් අපට එකවිට කියවාගත නොහැකිය. පැරණි පුස්කොල පොත් ලියනකල අවකාශයන්  නොමැතිව ලියා ඇත.

කතා කරන විට පවා අවකාශ/නැවතුම් නැතිව කතා කලහොත් අප කතාකරන දෙය අන් අයට නොවැටහේ. ඔබට මෙම අවකාශවල වැදගත්කම දැන් අවබෝධව ඇතැයි සිතමි.

ආයුර්වේදය, ඡ්‍යෝතිෂය තුලද ආකාශ,වායු,අග්නි,ඡලය හා පඨවි යන පංචභුතයන් විග්‍රහ කොට ඇත. එහිදී පංච මහා භූතයන් 'තත්ත්ව' ලෙස දක්වා ඇත.

එම තත්ත්ව ගැන කථාකරනවිට අපහට ෂඩ් දර්ශණ ගැන හැදෑරිම කල යුතුවේ. එහිදී කපිලගේ සාංඛය දර්ශණය මහත් පිටුවහලක් වන්නේය.

කෙසේ වුවද යමෙකුට තේරෙන විදිහට ආකාශ තත්ත්වය විග්‍රහ කරන්නට බලමු.

මෙය කියවන
ඔබ ඔබගේ උපතේදී ශරීරයේ ප්‍රමාණය ගැන සළක්න, දැන් ඔබගේ ශරීර ප්‍රමාණය ගැන සළකන්න. එහිදී ඔබගේ ශරීරය වර්ධනය වී හෝ විශාල වී ඇත්තේ ආකාශ හෝ අවකාශය තුලටය.(You have expanded to the space.)

සාංඛය දර්ශණය තුල අවකාශය අපට දැනෙන ආකාරය ද අප ග්‍රහනය කරන ආකාරය ආදිය ද දක්වා ඇත.

මෙලෙස දැක්වු කල ආකාශ තත්
ත්වය (අවකාශය) හා බොහෝ දෙනා දන්නා අවකාශ අතර පරස්පරතාවයන් ඇතිබව  හැගීයනු ඇත. ඒ ඇයි? කවරක් නිවැරදි ද? දෙකම හරිද?  ප්‍රයෝඡන කවරේද?

අවකාශයම අපට ඡීවිතයේ අවස්ථා උදාකරයි ද? අවස්ථා බිහි කරගැනීමට
අවකාශය අපට අවශ්‍ය ලෙස හසුරවාගත හැකි ද?

No comments:

Post a Comment