Tuesday, December 27, 2011

ලිපි අංක 03 - කාලය මැනීම

නුතන සම්මතයක් ලෙස  රලෝසු කාලය භාවිතා කරයි.  ඉන්පසු සිවිල් දිනය, සතිය, මාසය, වර්ෂය ආදි ලෙස භාවිත වේ.

ශ්‍රාස්ත්‍රයන් හී කාලය දැනට වඩා හොදින් භාවිත කර ඇත.

එහිදී කාලය මැනීම හිරු මූලිකව සිදුකර ඇත. සුර්යයා පොලවේ  සිට බලන විට 360 ගමන් කලාසේ පෙනෙනවිට වර්ෂය ලෙසද, හිරු සමකයේ සිට උතුරට හා දකුණට ගියාසේ පෙනෙනවිට උත්තරායනය හා දක්ෂිනායන ලෙස අයන 2ක්ද, උත්තරායනය තුල සෘතු 3ක් හා දක්ෂිනායන තුල සෘතු 3ක් ද, සෑම සෘතුවකට සුර්යය මාස 2ක්ද, සුර්යය මාසයක් තුල දිනද,
දිනය තුල හෝරාද ලෙස සුර්යයා මුලිකව කාලය ගනනය කිරීම් සිදුකර ඇත. දැනුද මෙම හෝරා රවි හෝරාව, ශුක්‍ර හෝරාව ලෙස භාවිතා කරයි. එම හෝරාවද බෙදා දක්වා ඇත. 



එමෙන්ම චන්ද්‍රයා මූලිකව චන්ද්‍ර වර්ෂයක්ද, චන්ද්‍ර වර්ෂය තුල චන්ද්‍ර මාසයක්ද, චන්ද්‍ර මාසයක් තුල පක්ෂ 2ක්ද පක්ෂයක් තුල තිථි 15ක්ද ලෙස වේ. 
මෙම සුර්යය දිනය තුල චන්ද්‍රයා මුලිකව ගතික 60ක්ද එම එක් ගතිකයක් තුල විනාඩි 60ක්ද විනාඩියක් තුල තත්පර 60ක්ද ආදී ලෙස කාලයේ ගනනය කිරීම් සිදුකර තිබෙනු දැකගත හැකිය.
මෙයට අමතරව විවිධාකාර  බෙදීම්ද දැකගත හැක. පැරන්නන් යමක් බෙදුවේ යම් අරුතකිනි. එය භාවිතය පිණිසමය. නමුත් වර්තමානයේ  මේ බෙදීම් භාවිතය පිළිබද දැනුම අභාවයට ගොස් ඇත.

No comments:

Post a Comment